Home අද පාස්පොට් ප්‍රශ්නය විසඳෙයි – නුඳුරේදීම සැමට ඊ-පාස්පෝට්

පාස්පොට් ප්‍රශ්නය විසඳෙයි – නුඳුරේදීම සැමට ඊ-පාස්පෝට්

994
0

ඔක්තෝම්බර් මාසය වන විට සියලු දෙනාට ඊ-පාස්පොට් ලබාගැනීමට  හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින සාමාන්‍ය ගමන් බලපත්‍රය වෙනුවට ඊ-පාස්පොට් ක්‍රමයට මාරුවීමට තීරණය කළ බවත් ඒනිසාවෙන් සිදුවන යම් යම් අපහසුතාවයන්ට රජය කණගාටු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් ඩිජිටල්කරණයේ ඊලඟ අධියරට රට යමින් සිටින බැවින් එය ආපහු හැරවීමට සුදානම් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඊයේ (02දා) රාත්‍රීයේ පැවති වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වීමෙන් පසුව පැවති පෝලිම් අවසන් කළ බවත් එසේනම් මේවනවිට ඇතිවී තිබෙන  පාස්පෝට් පොලිමත් අවසන් කරන්න විසඳුමක් ලබාදෙන ලෙස මෙම සභාවේදී යොමුවු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව පැවසීය.

“පාස්පොට් ලබාගැනීමේ අපහසුතාවයට මුහුණදීමට සිදුවීම ගැන අපි කණගාටුවෙනවා . අපි සාමාන්‍ය පාස්පොට් එක වෙනුවට ඊ-පාස්පෝට් එක හදුන්වාදෙන්න හදන්නේ. ඒක ආපහු හරවන්න අපිට අවශ්‍ය නැහැ. ඊ-පාස්පොට් එක ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තරමක් ප්‍රමාදවී තිබෙනවා. රජයක් විදිහට අපි එහි වගකීම ගතයුතුව තිබෙනවා. නමුත් අපිට පරණ පාස්පොට් එකට ආපසු යන්න බැහැ. අපි ඉදිරියට යාමට තීරණය කළා. ඔක්කෝම්බර් මාසය වන විට ඔබ සැමට ඊ-පාස්පොට් එකක් ලබාගැනීමට පුළුවන්. ප්‍රශ්නය එතැනින් විසඳෙනවා. ඉදිරි සති කිහිපයේදී අපි පාස්පොට් වැඩි වශයෙන් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.  වර්තමානයේ භාවිතාවන පාස්පොට් එකට වඩා ඊ-පාස්පොට් එක අඩු වියදමකින් යුතු වෙනවා. රටක් විදිහට අපි ඩිජිටල්කරණයේ ඉදිරි පියවරට යාමට සුදානමින් සිටින්නේ.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Previous articleපීඩාවට පත්වුණ ජනතාවට සහනයක් සලසන්න සත්‍ය සෙවීමේ කොමිසම ඇති කරනවා
Next articleවහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වගා ණය කපා හැරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here