Home අද ජාතික ජනබලවේග ආණ්ඩුවකදි වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි...

ජාතික ජනබලවේග ආණ්ඩුවකදි වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි වෙන්නේ නෑ..!

44911
0

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව තීරුබදු සහන මත වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අවස්ථා ගණනාවකදී එම බලවේගයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව, වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, උසස් රජයේ නිලධාරීන් ඇතුලු බොහෝ දෙනෙක් මෙම තීරු බදු සහන සහිත වාහන බලපත්‍රවල හිමිකම අත්විදින අතර රජයට මින් රුපියල් කෝටි ගණනක බදු ආදායමක් අහිමි වේ.

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය සඳහා කැපවී ක්‍රියාකරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ මෙම බලපත්‍ර සඳහා හිමිකම් කියන බොහෝ දෙනෙකු වහාම මේ බලප්ත්‍ර අහෝසි වන බවට ප්‍රවෘත්තින් පැතිර ගියත් එය අසත්‍ය බවට fact crescendo ආයතනය නිවේදනය කොට තිබෙනවා.

fact crescendo විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය විසින් එහි ආණ්ඩුවක් යටතේ, වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍රත් අහෝසි කරන බවට තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය වෙයි.

ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තීරු බදු රහිත වාහන ලබා දීම ඉවත් කරන බවට සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර, ඉහත ක්ෂේත්‍රයන් වල නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වේ.

Previous articleIMF ගිවිසුම් වෙනස් කරලා රටවල් ගොඩ ගිහින් තියෙනවාද ?
Next articleඉන්ධන මිල අඩු වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here