Home අද ජනතාව ජීවත් කරවන එක මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නෙවෙයි – ජනපති

ජනතාව ජීවත් කරවන එක මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නෙවෙයි – ජනපති

540
0

ජනතාව ජීවත් කරවන එක මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නෙවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(24දා) මඩකලපුව ජනහමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මඩකලපුව ප්‍රදේශයේ විශාල පිරිසක් ජනහමුවට සහභාගී වී සිටි අතර අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සහ ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහත්වරුන් ඇතුළු පිරිසක්ද ජනහමුවට එක්විය.

රට බංකොළොත් භාවයෙන් නිදහස් කරගැනීමට අඛණ්ඩව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය ශක්තිමක් කරගැනීමට මෙන්ම බංකොළොත්භාවයෙන් නිදහස් වීමට හැකියාවක් ලැබුණු බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

එයට අකමැති පිරිස් ඡන්දය නොපවත්වන බව පවසමින් තමාට විරුද්ධව උසාවි ගොස් නඩුතීන්දු ගෙන ඇති බවද ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

“විකල්ප අගමැති ලෙස විපක්ෂ නායකතුමාට යුතුකමක් තියෙනවා ජනතාව ආරක්ෂා කරන්න. ඒත් මොකක්ද එතුමා කළේ ජනතාව දුක් විදිනකොට එයා පැනලා ගියා.  පැරිස් නුවර ඔලිම්පික් එකට යනකම් විපක්ෂ නායකතුමා දිව්වා. අනුර කුමාර දිසානායකත් හැංගිලා හියියේ.

අපි මේ අභියෝගයට මුහුණු දුන්නා. මේ ඇමතිවරු මාත් සමඟ සිටියා. අපි මහන්සිවෙලා වැඩ කළා. එකේ ප්‍රතිඵලයක් ලෙස අපේ රුපියල ශක්තිමත් වුණා.  ආර්ථිකය ස්ථාවර වුණා. අපි ලක්ෂ 24 ට අස්වැසුම දුන්නා.  උරුමය වැඩසටහන යටතේ ලක්ෂ 20 ට ඉඩම් අයිතිය දෙනවා.  අවුරුදු දෙකකින් සාමාන්‍ය ආණ්ඩුවක් කරන්න බැරි වැඩ ටිකක් අපි කරලා තියෙනවා.

2022 ජුලි මාසයේ සිට පරිප්පු මිල 40% න් අඩුවෙලා තියෙනවා. තිරිඟු පිටි මිල 29% න් අඩුවෙලා තියෙනවා. ගෑස් මිල 31% න් අඩු වෙලා තියෙනවා . ජීවන බර අඩුවෙලා තියෙනවා. එකයි මම ගෑස් සිලිංඩරය මගේ ලකුණ විදිහයට ගත්තේ. ජීවන බර අඩු කරන්න තව සහන අවශ්‍යයි කියලා අපි හැමෝම දන්නවා. ජීවන වියදම අඩුකරන්න රුපියල තවත් ශක්තිමත් කරන්න ඔනේ. 2025 වන විට ඒ සහන ලබාදෙනවා කියලා මම පොරොන්දු වෙනවා.

ඒවගේම වෙරුගල් සිට මඩකලපුව දක්වාම සංචාරක කර්මාන්තය දියුණු කරනවා. පොඩි හෝටල් ලොකු හොටල් අපි දානවා. ඒවගේම කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ධීවර කර්මාන්තය නවීකරණය කරනවා. ගෙදර ආදායම නවීකරණය කරනවා. බංකොලොත් භාවයෙන් මිදෙන්න අපිට රටවල් 18 ක් සමග ගිවිසුම් ඇතිකරගෙන තියෙනවා. ඩොලර් බිලියන 10 ක ණය සහනයක් අපිට ලැබිලා තියෙනවා. මේ ගිවිසුම් වෙනස් කරනවා කියලා සජිත් විපක්ෂ නායක කියනවා. එහෙම උනොත් ආධාර දෙන එක නවතිනවා. රුපියල කඩා වැටෙනවා. ආපහු රටේ පෝලිම් තියෙන්න යනවා. රට ගෙනියන හැටි එයාලට තේරෙන්නේ නැහැ.   2023 දවස් 365 ම පැය 24 ම මට අවශ්‍ය වුණා. පෝලිම් නැතිවෙලා දළ දේශිය නිෂ්පාදනය වැඩි වුණේ එහෙමයි.  මේ කාලේ ඡන්දයක් තිබ්බනම් කොහොමද ඒ වැඩ කරන්නේ. අන්තිමට උසාවියෙන් මට විරුද්ධව තීන්දුවක් ගත්තා. ජනතාව ජීවත් කරවන එක මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නෙවෙයි. ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වෙලා දුක් විදින්න මම ලැස්තියි.  මේ රට තවත් දියුණු කරලා අපේ තරුණ පරපරාව අනාගතයක් ඇතිකරලා දෙන්න මට අවශ්‍යයි.  සිංහල දෙමල මුස්ලිම් සියලුදෙනා එකතුවෙලා ඉදිරියට යමු. යනුවෙන් ප්‍රකාශ කළේය.

 

 

 

 

 

Previous articleකඩවතදී විවෘත වු මෙරට දෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
Next articleපුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට පැමිණි විශේෂ අමුත්තා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here