Home අද රට ගොඩනැඟීමට ජාතික ජන බලවේගයට කිසිදු වැඩපිළිවෙළක් නෑ කියමින් මාලිමාවේ ලොක්කෙක් රනිල්ට...

රට ගොඩනැඟීමට ජාතික ජන බලවේගයට කිසිදු වැඩපිළිවෙළක් නෑ කියමින් මාලිමාවේ ලොක්කෙක් රනිල්ට එක්වේ

3823
0

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතා හමු වී අනූෂ විමලවීර මහතා තම තීරණය දැනුම් දී තිබෙනවා.

අනුරාධ ජයරත්න මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද ඒ මහතා සහභාගි විය.

ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බව එහිදී අදහස් දැක්වූ අනූෂ විමලවීර මහතා සඳහන් කළේය.

උදේට කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵල කරුණක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

Previous articleඡන්දයට සහය ඉල්ලා අනුර ජම්ඉයියතුල් උලමාවරු හමුවේ.!
Next articleතලතාගේ විශේෂ ප්‍රකාශයෙන් SJB ය දෙදරයි – සුළු පක්ෂත් අඩියක් පස්සට ගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here