Home අද පාදඩ දේශපාලනයේ නිරුවත හෙළිකරමින් කාදිනල් එළිපිටම නාමල් හමුවේ.!

පාදඩ දේශපාලනයේ නිරුවත හෙළිකරමින් කාදිනල් එළිපිටම නාමල් හමුවේ.!

899
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ අද (19) බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත්තා.

කිතුනු සමාජය තුල මෙම හමුව ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමින් මෙය මෙරට පාදඩ දේශපාලනයේ නිරුවත හෙළිකරන්නක් බවට අදහස් දක්වමින් සිටිනවා.

ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් 2019 අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට පසුව එහි වින්දිතයින්ට යුක්තිය ඉටුවනතුරු කිසිඳු දේශපාලකයකුට අගරදගුරු නිල නිවසේ ගේට්ටුවෙන් ඇතුළුවීමට ඉඩ නොදෙන බව පැවසු අගරදගුරු හිමිපාණන් මේ වනවිට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ හමුව තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය බලය ලබාගැනීමට සිදුකළ කුමන්ත්‍රණයක් බවට දිගින් දිගටම පැවසූ කාදිනල් හිමිපාණන් පැවති ගෝඨාභය රාජපක්ෂ රජය සහ ඔවුන්ගේ පවුල් පාලනය දැඩි ලෙස විවේචනය කලත් අදදින මෙලෙස රාජපක්ෂ පවුලෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ හමුවීම වසර පහකට වැඩි කාලයක් පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්ව තවමත් වින්දිතයින්ව සිටින කිතුනුවන් උපහාසයට ලක් කිරීමක් බවයි කිතුනුවන් බහුතරයකගේ මතය වී තිබෙන්නේ.

පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව 2019 වසරේ ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියදී ඔහුට වාසිදායක ලෙස ප්‍රකාශයක් කරමින් උදෑසනම ඡන්දපොළට ගොස් යුතුකම ඉටුකරන ලෙස පැවසීම මඟින් කතෝලික ඡන්ද වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදීමට කටයුතු කල බවට සමාජයේ දැඩිව කතා බහට ලක්ව තිබුනා.

එලෙස එම ප්‍රකාශය දැඩි ලෙස කතා බහට ලක්වුණේ ගෝඨාභය රාජපක්ෂ පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම පසෙලකා සිය අභිමතය පරිදි ජනාධිපති කොමිසමේ වාර්තාව පවා සම්පූර්ණ ලෙස ලබා නොදීමට කටයුතු කරමින් සිටින අවදියකයි.

උදෑසනම ඡන්දපොළට ගොස් රට වෙනුවෙන් යුතුකම ඉටුකරන ලෙස පැවසූ කදිනල් හිමි, හිටපු නීතිපතිවරයා වන දප්පුල ද ලිවේරා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය බලය ලබාගැනීමට සිදුකළ කුමන්ත්‍රණයක් බවට කළ ප්‍රකාශය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් සාක්ෂි සහිතව සිදුකල අනාවරණ හේතුවෙන් රාජපක්ෂ පාලනය විවේචනය කිරීමට පටන් ගනු ලැබුවා.

එවන් තත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හමුවීම දැඩි පිළිකුලෙන් යුතුව බොහොමයක් දෙන සමාජ මධ්‍යයේ අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් අතර ඇති තරඟකාරිත්වය හේතුවෙන් ජනාධිපතිධුරය ලබාගැනීම සඳහා කිතුනුවන්ගේ ඡන්ද දැඩි බලපෑමක් ඇතිකරනු ඇති බවට දේශපාලකයින් මත පළකර තිබෙන මෙවන් අවස්ථාවක මෙම දේශපාලකයින් හමුවීම සිදුවන්නේ එම ඡන්ද කේවල් කිරීමටද යන ප්‍රශ්නය කතෝලිකයින් විසින් විමසනු ලබනවා.

නමුත් කාදිනල් හිමිපාණන් ඇතුළු අනෙකුත් ආගමික නායකයින් පසුගිය මැතිවරණයේදී කටයුතු කළ රට අරාජික වී ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීයව ද දේශපාලනිකවද බිඳවැටීම හේතුවෙන් ඔවුන් විසින් කරනු ලබන බලපෑම මෙවර ඡන්දය භාවිතා කිරීමේදී ඡන්දදායකයින් විසින් නොසලකා හරිනු ඇති බවට දේශපාලනික විශ්ලේෂකයින් අදහස් දක්වමින් කියා සිටිනවා.

Previous articleසජිත් ප්‍රේමදාසගේ නංගි ආච්චිගෙ රෙද්දේ කට්ට ගහනවා – අනුර දිසානායක
Next articleඅපිට මොනවද දෙන්නේ? පෙරහැර බලන්න ආපු ජනපතිව නොසිතූ ලෙස තරුණ පිරිසක් වට කරගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here