Home අද වැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර ඇතිවෙන සමරිසි සම්බන්ධතාවලට නීතිමය අවසර ලබාදීමට අපි පක්ෂයි...

වැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර ඇතිවෙන සමරිසි සම්බන්ධතාවලට නීතිමය අවසර ලබාදීමට අපි පක්ෂයි – හරිනි

1572
0

 

වැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර ඇතිවෙන සමරිසි සම්බන්ධතාවලට නීතිමය අවසර ලබාදීමට ජාතික ජනබල වේගය පක්ෂ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසේන මහත්මිය ප්‍රකාශ කර ඇත.  පෞද්ගලික රූපවාහිනි නාලිකාවක දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේබව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් හරිනි මන්ත්‍රීවරය වැඩිදුරටත් මෙසේද පැවසුවාය,

සමරිසි ප්‍රජාව කියන්නේ ඔවුනුත් මේ සමාජයේ කොටසක්. ඔවුන් වෙනුවෙන් අපි කාලයක් තිස්සේ පෙනී ඉඳලා තියෙනවා .  සමරිසි සහ තවත් අනන්‍යතාවයන් සහිත පිරිස් සිටිනවා.  ස්ත්‍රී පුරුෂ සමාජ අනන්‍යතාවය මත වෙනස් කොට නොසැලකිය යුතුයි කියන මතයේ අපි මුල ඉදන් ඉදලා තියෙනවා. සමරිසි සම්බන්ධතාවය නීතිමය වරදක් හැටියට අපේ දණ්ඩනීති සංග්‍රහයේ තිබෙනවා. මේක අපේ රටෙන් ආපු නීතියක් නෙවෙයි. මෙය බිත්‍රාන්‍යයේ වික්ටෝරියා යුගයේ සිට ආපු නීතියක්. ඒ නිසා මෙය වෙනස් විය යුතුයි කියන තැන අපි ඉන්නවා.  දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කිරීමේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් මේවනවිට ඉදිරිපත් වෙලා තිබෙනවා.

වැඩිහිටි දෙදෙනෙකු අතර සිදුවිය යුතු ලිංගික ක්‍රියාවලිය ගැන ඒ වැඩිහිටියෝ දෙදෙනා මිසක් නීතියකින් නෙවෙයි. හැබැයි නීතියක් තියෙන්න ඔනේ දරුවන් ආරක්ෂා කරන්න සහ ඒක හරහා වෙන්න පුළුවන් හානිය අවම කරන්න. වැඩිහිටි දෙදෙනෙක් අතර තිබෙන සම්බන්ධතාවය අපරාධවරදක් වීම ඉවත් කරන එක තමයි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමෙන් කරන්න යන්නේ. ඒ අනුව ජාතික ජනබලවේගය මෙයට පක්ෂයි” යනුවෙනි.

 

 

 

 

Previous articleපවිත්‍රා රාජපක්ෂ පවුල අතහැර රනිල්ගේ සහායට එයි
Next articleනාගරික ජනතාව අතර රනිල් ඉදිරියෙන් නවතම ජනමතයේ ප්‍රථිපල මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here