Home අද මහනුවරින් රනිල්ව දිනවනවා – අපි නැතුව පොහොට්ටුව දේශපාලනය කරන හැටි බලමු

මහනුවරින් රනිල්ව දිනවනවා – අපි නැතුව පොහොට්ටුව දේශපාලනය කරන හැටි බලමු

1226
0

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බහුතර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 6ක්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 202ක් එළැඹෙන ජනාධිපතිවරණයේදී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට සහයෝගය දැක්වීම සඳහා ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (02) පස්වරුවේ මහනුවරදී කැඳවා තිබූ ශ්‍රී.ල.පො.පෙ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

වසර 2ක් වැනි කෙටි කාලයක් තුළ නැවතත් රට ගොඩනැඟීමට හැකි වූ නායකත්වය සඳහා තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙනුවෙන් එක්විය යුතු බව පැමිණ සිටි සියලුම දෙනාගේ මතය වී තිබුනා.

මේ අවස්ථාව සඳහා මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලුව , රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පා.ම. ගුණතිලක රාජපක්ෂ මෙන්ම ශ්‍රී.ල.පො.පෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.පො.පෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු පිරිස් එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ඔවුන් නොමැතිව මහනුවර දිස්ත්‍රික්කයේ පොහොට්ටුව දේශපාලනය කරන්නේ කෙසේදැයි බලාගන්නා බවත් කිසිවකුගේ න්‍යාය පත්‍රවලට ඔවුන් යටත් නොවන බවයි.

Previous article“හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට
Next articleදයාසිරි පාර්ශ්වය සජිත්ට “අත” දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here