Home අද විමල් කියන්නේ බොරු : අලිමංකඩ ලුනු ගෞරවය රමේෂ්ට ! ඇමති හඳුන්ගේ කටින්...

විමල් කියන්නේ බොරු : අලිමංකඩ ලුනු ගෞරවය රමේෂ්ට ! ඇමති හඳුන්ගේ කටින් පනියි !

115
0

අලිමංකඩ තමන් ආරම්භ කළ මේස ලුනු කර්මාන්තශාලාව විමල් වීරවංශ ආරම්භ කළ බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එසේම  2019 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලික පියවර ගෙන තිබුණේ අමාත්‍ය රමේෂ් පතිරණ විසින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කර සිටියේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ නැගූ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

විමල් විරවංශ මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කළේ මන්නාරමේ හැදු ලුනු පැකට්ටුවක් බව සඳහන් කළ හඳුන්නෙත්ති අමාත්‍යවරයා අලිමංකඩ මෙතෙක් කල් නිෂ්පාදනය කර ඇත්තේ කැට ලුනු බවත් එහි මේස ලුනු කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේ තමන් බවත් පැවසීය.

කෙසේ වුවත් එහි ගෞරවය හිමි විය යුත්තේ හිටපු ඇමති රමේෂ් පතිරණට බව සඳහන් කරමින් හඳුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ නව නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ 2023 ඇනවුම් කර 2024 සැප්තැම්බර් මස කටයුතු ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් එතෙක් කල් මන්දගාමීව සිදුකළ එම කටයුතු තමන් වේගවත් කළ බව ද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පවසන ආකාරයට නම් මෙම කර්මාන්තශාලාව වෙනුවෙන් මූලික වැඩකටයුතු සියල්ල සිදුකර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන සමයේ කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ රමේෂ් පතිරණ විසිනි. නමුත් මේ විමල් – හඳුන් පංගුබේරුව ඇතිවන තෙක් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සිදුකළ කාර්‍යභාරය සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ද කිසිවිටෙකත් අනාවරණය කර නොතිබූ අතර එය මුළුමනින්ම පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ මැදිහත්වීම මත සිදුකරණු ලැබූවක් ලෙසිනි

Previous articleමෝදි අගමැති මඟ එනවා : අනුර කියන්නේ අදානි නීති විරෝධි වැඩ කරා කියලද ? රනිල් ප්‍රසිද්ධියේ අහයි !
Next articleSJB පක්ෂ සම්මේලනයෙන් ප්‍රසාද්ගේ කතාව කැපේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here