Home අද අදානි ගේ ලියුම එනතුරු ඉංජිනේරු කුමාර බලා සිටියි !

අදානි ගේ ලියුම එනතුරු ඉංජිනේරු කුමාර බලා සිටියි !

59
0

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම උනන්දුවක් දක්වන්නේ නැති නම් එම කොන්ත්‍රාත්තුව වෙනත් සමාගමකට ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසීය.

අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ‘අපි අදානි සමාගමේ දේශීය නියෝජිතයාගෙන් අවසන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අදානි සමාගම එයින් ඉවත් වීමට තීරණය කළහොත් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව වෙනත් සමාගමකට ප්‍රදානය කරනවා’ යනුවෙනි

Previous articleපාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස්වෙයි : හේතුව මෙන්න !
Next articleමොකද මේ වෙන්නේ ? අම්බලන්ගොඩත් වෙඩි පුපුරයි : පුද්ගලයෙක් මරුට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here