Site icon Newshub

අදානි ගේ ලියුම එනතුරු ඉංජිනේරු කුමාර බලා සිටියි !

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම උනන්දුවක් දක්වන්නේ නැති නම් එම කොන්ත්‍රාත්තුව වෙනත් සමාගමකට ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසීය.

අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ‘අපි අදානි සමාගමේ දේශීය නියෝජිතයාගෙන් අවසන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අදානි සමාගම එයින් ඉවත් වීමට තීරණය කළහොත් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව වෙනත් සමාගමකට ප්‍රදානය කරනවා’ යනුවෙනි

Exit mobile version