Home අද ගම්පහ වෙඩි තැබීම : ගනේමුල්ල සංජීවගේ සහ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි අතර ගැටුමක්...

ගම්පහ වෙඩි තැබීම : ගනේමුල්ල සංජීවගේ සහ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි අතර ගැටුමක් ! (PHOTOS)

59
0

ගම්පහ අකරවිට ප්‍රදේශයේ අද (08) සවස 6.45 ට පමණ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධව කරුණු රැසක් පොලිස් විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබේ.

May be an image of motorcycle, jet ski, scooter and text

No photo description available.

May be an image of road

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

May be an image of 2 people and hospital

May be an image of 2 people and hospital

පොලිසිය සඳහන් කරන ආකාරයට වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම වෙඩිතැබීමෙන් 36 හැවිරිදි චාමර නදි සදරැවන් නැමැති යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු සහ 30 හැවිරිදි අසිත දේවින්ද නැමැති යතුරුපැදි අලෙවිසැලේ සහයකයා තුවාල ලබා තිබේ.

මෙම යතුරපැදි අලෙවිසැලේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ සබඳතාවය මත මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයකු බවද අනාවරණය වී තිබේ.

ඔහුට ගණේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදු කරනු ලබන තම්මිට සුමිත් නමැත්තා විසින් එම ව්‍යාපාරය නතර කරන ලෙස තර්ජනය කර ඇති බවද සඳහන්ය.

ඒ හේතුව මත මෙම වැඩිතැබීම තම්මිට සුමිත් නමැත්තා විසින් මෙහෙයවා සිදුකර ඇති බවට සැකකරේ.

වෙඩිතැබීම 9mm වර්ගයේ ගිනිඅවියකින් සිදුකර ඇති බවද අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Previous articleගම්පහ දී වෙඩිතැබීමක් – දෙදෙනෙකු රෝහලේ
Next articleරනිල්ට අපෙන් කිසිම බේරිල්ලක් නෑ. සියලු අපරාධ වලට යුක්තිය ළඟදීම – වටගල රටටම කියයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here