Home අද දහය වසරේ දැරියන් 08කට අතවර කළ සැකපිට ඇල්ලූ ගණිත ගුරා රිමාන්ඩ්

දහය වසරේ දැරියන් 08කට අතවර කළ සැකපිට ඇල්ලූ ගණිත ගුරා රිමාන්ඩ්

30
0

දහය වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියන් 08 දෙනෙක්ට අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයෙකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය අද ( 08) නියෝග කළාය.

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගන්විල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

දහය වසරේ ඉගනුම ලබන මෙම සිසුවියන් අට දෙනාට වරින් වර ලිංගික අතවර කර ඇති බවට දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අරලගන්විල පොලිසිය මගින් මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ බව කියන සිසුවියන් අට දෙනා මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව අරල ගන්විල පොලිසිය  පවසයි

Previous articleඅදානි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – නැවත සලකා බලන ලෙස දැනුවත් කළා – බලශක්ති ඇමති කියයි
Next articleමාලිමාව මත්තල සඳහා සුදුසු විදේශීය හවුල්කරුවකු සොයයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here