Site icon Newshub

දහය වසරේ දැරියන් 08කට අතවර කළ සැකපිට ඇල්ලූ ගණිත ගුරා රිමාන්ඩ්

දහය වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියන් 08 දෙනෙක්ට අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයෙකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය අද ( 08) නියෝග කළාය.

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගන්විල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

දහය වසරේ ඉගනුම ලබන මෙම සිසුවියන් අට දෙනාට වරින් වර ලිංගික අතවර කර ඇති බවට දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අරලගන්විල පොලිසිය මගින් මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ බව කියන සිසුවියන් අට දෙනා මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව අරල ගන්විල පොලිසිය  පවසයි

Exit mobile version