Home අද මහ බැංකු අධිපති නන්දලාල්ට AI හරහා සැර මඩක් : හවුල් වූවන්ට වැඩ...

මහ බැංකු අධිපති නන්දලාල්ට AI හරහා සැර මඩක් : හවුල් වූවන්ට වැඩ වරදියි !

56
0

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස යොදාගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවා සිටියි.

එවැනි රැවටිලිකාර වීඩියෝ මගින් නීතිය මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය කරන අතර එවැනි ආයෝජන සඳහා ජනතාව යොමු කිරීමට අදාළ වංචා සැලසුම් කිරීම මෙවැනි වීඩියෝ මුදාහැරීමේ අරමුණ වන බවද මහ බැංකුව පවසයි.

මෙම වීඩියෝ AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් භාවිත කරමින් මහජනතාව නොමඟ යැවීමට වංචනික පාර්ශ්වයන් විසින් සිදුකරන අතර මහ බැංකුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසය.

ඒ අනුව පහත සඳහන් කරුණු වෙත අවධානය යොමු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


* විමසිලිමත් වන්න. එමෙන්ම, එවැනි වංචනික ක්‍රියා සමග සම්බන්ධ වීමෙන් වළකින්න.

* අපගේ වෙබ් අඩවිය (www.cbsl.gov.lk) සහ නිල සමාජ මාධ්‍ය ජාලා වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල මූලාශ්‍රවලින් තොරතුරුවල නිවැරදි බව තහවුරු කරගන්න.

• මෙවැනි සැක සහිත තොරතුරු පිළිබඳව පැහැදිලි කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකු නිල සන්නිවේදන නාලිකා වෙත වාර්තා කරන්න.

මෙවැනි වංචාවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන බවද දැනුම්දෙයි. 


 

Previous articleජපන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තබයි !
Next articleපක්ෂ 10ක් ස්වාධීන කණ්ඩායම් 38ක් පළාත් පාලන ආයතන 75කට ඇප තබයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here