නොරොච්චෝල බලාගාරය යළි සක්‍රීය කර විදුලි ජනනය එක් කරන තෙක් පද්ධතිය කළමනාකරණය කිරීම සඳහා දිනකට පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුවේ.
ඒ සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය කර තිබූ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී තිබේ.
ඒ අනුව දිනකට අවස්ථා දෙක බැගින් වන පරිදි කාණ්ඩ 20 යටතේ කාල පරාස පහක් යටතේ මෙම විදුලි කප්පාදුව සැලසුම් කර ඇත.
විදුලි බල මණ්ඩලය විසින් ම සැලසුම් කර ඇති විදුලි කප්පාදු සටහන පහත සබැඳියේ දැක්වෙයි .