Home අද තවත් හිටපු මන්ත්‍රීවරයකුගේ එකලස් කරන ලද සැප රියක් අල්ලයි

තවත් හිටපු මන්ත්‍රීවරයකුගේ එකලස් කරන ලද සැප රියක් අල්ලයි

16
0

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා නීති විරෝධීව කොටස් එක්ලස්කර සකස් කරන ලද ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් කොටස්කර තැන් දෙකක සඟවා තිබියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.

ලද පැමිණිල්ලකට අනුව මෙම ජීප් රථය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙන බව සැලවීමත් සමඟ හිටපු මන්ත්‍රීවරයා මේ වන විට වන විට ප්‍රදේශය හැරගොස් සිටින බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

රථය කොටස් කිහිපයකට ගලවා හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට යාබද නිවසක හා ඔහුගේ පොල් වත්තක සඟවා තිබියදී දැඩි පරිශ්‍රමයකින් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට හිටපු මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරයා කොටස් වලට ගලවා ඇති මෙම ජීප් රථය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනට භාවිත කරන පාඩුව වර්ගයේ ජීප්රථයක එන්ජින් අංකය හා චැසි අංකය භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධව හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් දින කීපයක් උත්සාහ කළද ඔහු ප්‍රදේශය හැර ගොස් සිටීම නිසා එම ප්‍රකාශය ලබා ගැනීමට නොහැකි වූ බව විමර්ශන නිලධාරින් වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleආණ්ඩුවේ ප්‍රබලයකුගේ නියෝගයකින් කතරගම මහා දේවාලය විගණනය කරයි
Next articleඅරගලයෙන් දේපළ හානි වූ බව පවසා වන්දි ලබාගත් මන්ත්‍රී ලැයිස්තුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here