Home අද අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අතිරේක ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අතිරේක ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

610
0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා විසින් තමන්ට එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ රාජකාරී කිරීමට බාධා කර මූලික අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩබ්.එස්. සත්‍යානන්ද විසිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පහළොස් දෙනෙකු නම්කර තිබේ.

තම පෙත්සම විභාගයට ගෙන තමන්ට අදාළ තනතුරේ රාජකාර කිරීමට බාධා කිරීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව Newshub.lk මීට පෙර පළකල පුවතක් පහත දැක්වෙයි.

පුනරුද ආණ්ඩුව රාජ්‍ය සේවක දඩයම අරඹයි !

Previous articleහිටපු ඇමති සී.බී ට කෝටි 25 ක් ගෙවන ලෙස නියෝග
Next articleඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට නියෝග !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here