Home අද USAID අරමුදල් නවතී – කාර්ය මණ්ඩලය නිවාඩු යවයි.

USAID අරමුදල් නවතී – කාර්ය මණ්ඩලය නිවාඩු යවයි.

14
0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් ජනවාරි මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලෙස නියෝග කෙරිණි.

එම නියෝගයට අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති රැසක් අත්හිටුවා තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID විසින් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් රැසක් ද මේ වන විට අක්‍රීය කර තිබේ.

මේ අතර USAID විසින් ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයින්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන්හි සේවය කරන දහස් ගණනක් සේවකයින් නැවත කැඳවන බවටත් නිවේදනයක් නිකුත් කර තිබේ.

පෙබරවාරි 7 වැනිදා රාත්‍රී 11:59ට සියලුම USAID සෘජු කුලියට ගත් සේවකයින්ට ගෝලීය වශයෙන් පරිපාලන නිවාඩු අනුමත කර ඇති බව USAID පවසයි. එමෙන්ම තීරණාත්මක කාර්යයන්, මූලික නායකත්වය සහ විශේෂයෙන් නම් කරන ලද වැඩසටහන් සඳහා වගකිව යුතු ඇතැම් පුද්ගලයින් මෙම පියවරෙන් බැහැර කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

කොන්ග්‍රස් පර්යේෂණ සේවයට (CRS) අනුව, USAID හි ශ්‍රම බලකාය 10,000කට වඩා වැඩි අතර, එම කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකක් පමණ විදේශයන්හි සේවය කරයි. එම ඒජන්සියට කලාපීය දූත මණ්ඩල 60කට වඩා ප්‍රමාණයක් පවතින බවද සඳහන් වේ

Previous articleයුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ
Next articleපළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකට ලැබිලා නෑ – ඇමති නලින්ද කිව්වේ බොරුවක් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here