Home අද සාමාජික සංයුතිය 31යි – විපක්ෂයට 7යි : විපක්ෂය නැතුව වැඩ කරන්න කෝප්...

සාමාජික සංයුතිය 31යි – විපක්ෂයට 7යි : විපක්ෂය නැතුව වැඩ කරන්න කෝප් කමිටුවේ සූදානමක් !

105
0

පොදු ව්‍යාපාර කාරක සභාවට (කෝප්) කමිටුවේ සාමාජික සංයුතිය වන 31න් විපක්ෂයේ 7ක් සඳහා පමණක් අවස්ථාව දීමට ආණ්ඩු පක්ෂය ගෙන ඇති තීරණය සම්බන්ධව විපක්ෂයේ විරෝධය එල්ලවී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) 12කගේ නියෝජනයක් විපක්ෂය විසින් ඉල්ලා සිටියත් ආණ්ඩු පක්ෂය එය නොසලකා ඇති බැවින් සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රිවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට විපක්ෂය පොදු තීරණයක් ගෙන ඇති බවද වාර්තා වෙයි.

මේ වන විටත් කෝප් කමිටුවේ සභාපති ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර පත්කර ඇති අතර ඔහු පවසන්නේ විපක්ෂය කෝප් කමිටුව සඳහා සහභාගි නොවන්නේ නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු කරගෙන යෑමට සිදුවන බවයි.

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර
ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ, ඖෂධ නියාමන අධිකාරියේ හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම සතියේදී කැඳවීමට නියමිත බවත් මේ වනවිට එම රාජ්‍ය ආයතන තුනේ ක්‍රියාකාරිත්වය මෙන්ම ආසන්න ප්‍රගතිය ගැන නිරීක්ෂණය කරමින් සිටින බවත් ඔහු පවසයි

Previous articleවිල්පත්තු වනෝද්‍යානයේ කොටියකු සමඟ පොරබැඳි සුනඛයාගේ කතාව වන ජීවීය හෙළි කරගනී
Next articleමහින්ද ට නිල නිවස අනුමත කළ කමිටුවේ හිටියේ විපක්ෂයේ අනුර – දැන් ඉන්නේ ජනාධිපති අනුර – වසන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here