හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන රජය අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ තමන්ද සහභාගි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවකදී හෙළිදරව් කර ඇති බව දේශය වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් සඳහන් ආකාරයට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ අමාරි හෝටලයේ දී මෙම හමුව පවත්වා තිබේ.
එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස ලබාදීමට නීතියෙන් රජය බැඳී සිටින බවය.
එසේම වත්මන් ජනාධිපතිවරයාද සහභාගි වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂට නිල නිවස ලබාදීමට ගත් තීන්දුව නීත්‍යානුකූල බවයද හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.
මෙම හමුවට රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව වජිර අබේවර්ධන, සාගල රත්නායක, උදය ගම්මන්පිල, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල, කාංචන විජේසේකර, සුගීෂ්වර බණ්ඩාර සහ ප්‍රේමනාත් දොලවත්ත ආදී මැති ඇමැති සහ පක්ෂ නායකයන් පිරිසක්ද එක්ව සිට ඇත