Home අද පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට දාලා එතනින් ගන්නවා මිසක් පෞද්ගලිකව ගන්නේ නෑ...

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට දාලා එතනින් ගන්නවා මිසක් පෞද්ගලිකව ගන්නේ නෑ – දේවානන්ද සුරවීර

83
0

ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් 159 දෙනාගේම වැටුප පක්ෂ අරමුදලට බැර වන බවත් පෞද්ගලිකව වැටුප් නොගන්නා බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“ජනාධිපතිතුමා ඇතුළු 160 දෙනාගෙම මන්ත්‍රී වැටුප යන්නේ පක්ෂ අරමුදලට. මේක ලංකාවේ නෙමේ ලෝක දේශපාලන පක්ෂවලටත් කරන්න බැරි වැඩක්. තනි තීන්දුවක්. ඒක තමයි විනය කියන්නේ.

අපට තියෙනවා සංස්කෘතියක්. අපි අපිව බලාගන්නවා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තෙල් ටික ගහගන්න එකයි ෆෝන් බිලයි. මට කන්න දෙන්න ජනතාව ඉන්නවා. ඒ ප්‍රශ්නේ විසඳගන්න පක්ෂේ පැත්තෙන් උදව්වක් කරනවා නම් ඒක අපි භාර ගන්නවා.

වැටුප පෞද්ගලිකව ගැනීමයි, පොදුවේ අරන් පොදු සංස්කෘතියක් ගොඩනඟගෙන රටේ ජනතාවට සේවය කරන එකයි දෙකක්. ඒ දෙක සමපාත කිරීමම වැරදියි.”

 

Previous articleඅස්වැසුම රාජකාරි වලින් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි !
Next articleමහින්දට විජේරාම නිවස අනුමත කළ සභාවේ අනුරත් හිටියා : රනිල් රහස හෙළිකරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here