Home අද කරන්නාගොඩ ගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් !

කරන්නාගොඩ ගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් !

11
0

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීම සඳහා නව පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී තමන්ව විත්තිකරුවෙකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව බල රහිත කරන ලෙස ඉල්ලමිනි.

මෙම පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා ඉකුත්දා එම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී තිබුණි.

ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අද (31) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සම විභාග කිරීම සඳහා මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.

එසේම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම පෙබරවාරි මස 07 වනදා කැඳවීමටද නියම කෙරුණි.

එදින එම විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට ගන්නා දිනය තීරණය කිරීමට නියමිතය.

මෙම තරුණයන් 11 දෙනා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවෙකු ලෙස තමන් ව නම් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එබැවින් නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත

Previous articleතව ටික දවසයි : වසන්තය එනවා සත්තයි – නි.ඇ එරංග සහතික වෙයි !
Next articleතරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here