Home අද කරන චෝදනා දරාගන්න බෑ කියා : බස්නාහිර ආණ්ඩුකාර CID යයි !

කරන චෝදනා දරාගන්න බෑ කියා : බස්නාහිර ආණ්ඩුකාර CID යයි !

37
0

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් 323 ක් සම්බන්ධයෙන් පසුගිය දිනවල බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් ද චෝදනාවට ලක්වූ අතර ඒ සම්බන්ධව ඔහු අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින්  ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිද්ධවෙන හානිය තවදුරටත් දරාගත නොහැකි බවය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.
පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දාරාගන්න බෑ”

Previous articleවැඩ තහනම ගැන වෛද්‍ය චමල් අදහස් දක්වයි !
Next articleUNP – SJB ඉදිරියේදී මැතිවරණ සඳහා එකට තරග කරයි – සජබ මහ ලේකම් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here