එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂය ඉදිරියේදී එකට මැතිවරණ සඳහා ඉදිරිපත් වනු ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර බණ්ඩාර පවසයි.
දෙපාර්ශ්වය අතර මේ වන විට සිදුකෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යවේදින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
පක්ෂ දෙක එක්වීම යනු සජබ සිරිකොතට යාම හෝ එජාපය සජබ මූලස්ථානය වෙත යාම නොවන බව සඳහන් කළ ඒ මහතා දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නොමැති බවද පැවසීය .
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ සජබ නායකයා අතර සාකච්ඡාවක් පැවැත්වෙන නමුත් ඒ කවදාද යන්න දැන්ම සඳහන් කළ නොහැක බවද පැවසීය