Home අද පන්නපු බහාලුම් මගේ නොවේ : බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කියයි : රජය නිහඬයි...

පන්නපු බහාලුම් මගේ නොවේ : බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කියයි : රජය නිහඬයි !

160
0

රේගු පරික්ෂා කිරීමකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් පවසයි. අදාළ බහාලුම් සමඟ තමන්ට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු සඳහන් කරයි.

පසුගිය දිනක දී පරික්ෂා කිරීමකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් 323 අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් විසින් ආනයනය කළ දෑ ඇතුලත් බාහාලුම් තිබූ බවට විවිධ දේශපාලන පක්ෂ සමාජිකයින් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පුද්ගලියන් චෝදනා කිරීම් කර තිබුණි.

ඒ සම්බන්ධව මාධ්‍ය විසින් සිදුකළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කර තිබේ. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් තමන් කිසිදු විටක දී දේශපාලනය සිදුකිරීමට නොපැමිණි අතර තමන්ට අවශ්‍ය වුයේ ජනතාවට සේවය කිරීමට පමනක් බවත් ඔහු පවසා ඇත.

කෙසේ වුවත් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ මෙම බහාලුම් අතර රතු වර්ණයෙන් සංකේත කළ බහාලුම් බහුතරයක් තිබූ බවට රේගු වෘත්තීය සමිති පසුගියදා චෝදනා කර සිටියේය.

ඒ අනුව නීති විරෝධි මත්ද්‍රව්‍ය ,අවි ආයුධ හෝ වෙනත් අහිතකර දෑ එම බහාලුම් අතර තිබීමට ඉඩක් තිබූ බවත් ඒවා සමාජගතවීම සම්බන්ධව තමන්ට කිසිඳු වගකීමක් දැරිය නොහැකි බවත් එහිදී සඳහන් කෙරිණ.

එහෙත් වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ බහාලුම් පිළිබඳව පූර්ණ වගකීම රජය දරණ බවයි. නමුත් නීති විරෝධි භාණ්ඩ සමාජගතවීමේ අවධානම ඇතුළු රේගු බදු වංචාවක් සිදුවීම මෙන්ම ඒවායේ තිබූ දෑ සහ එකී බහාලුම් ආනයනික සමාගම් සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම පිළිබඳව වගකිවයුතු කිසිඳු පාර්ශ්වයක් නිසි ප්‍රතිචාරයක් දක්වා නැත.

Previous articleමන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
Next articleසුදත්ත තිලකසිරි ට පොලිස් ආරක්ෂාව දීලා?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here