Home අද සහල් පාලන මිල ඉවත් කරන්නේම නෑ- නලින්ද : වී 170 ට ගන්න...

සහල් පාලන මිල ඉවත් කරන්නේම නෑ- නලින්ද : වී 170 ට ගන්න නිසා සහල් මිල 300 පනිනවා – විශ්ලේෂකයන් !

121
0

කවුරු ඉල්ලීම් ඉදිරිපත් කළත් සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

පෝලිමක් ඇති වුවත් එය රතු කැකුළු සහල් සම්බන්ධව මිස නාඩු සහල් වෙනුවෙන් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා කැකුළු සහල් ප්‍රශ්නය මෙම කන්නයේ අස්වනු නෙලීමත් සමඟ ඉදිරි සති දෙක තුළ විසඳෙනු ඇති බවද සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කර සිටියේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙවර කැකුළු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක පමණ අස්වැන්නක් අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

කෙසේ වුවත් වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ මේ වන විට පෞද්ගලික අංශය මැදිහත්වීම මත වී කිලෝව රුපියල් 170ක් වැනි ඉහල මිලකට ගොවීන් වෙතින් මිලදී ගැනීමට කටයුතු කිරීම හමුවේ ඉදිරියේදී වත්මන් සහල් මිල පාලනය වලංගු නොවනු ඇති බවයි.

සහල් මිල පාලනය සඳහා කියමින් වී ගබඩා පිළිසකර කර වී මිලදී ගැනීමට රුපියල් මිලියන 500ක් ඊට වෙන්කර තිබෙන බව රජය පැවසූවත් එයින් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙරට දින 5ක පමණ කාලයක සහල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන බැවින් ඒ හරහා සහල් මාෆියාව පාලනය කිරීමක් කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි .

එබැවින් ඉදිරියට නිශ්චිත ලෙස සහල් මිල රුපියල් 300ඉක්මවනු ඇති බැවින් එය පාලනය කිරීමට නම් රජය වෙළෙඳ පොළ සම්බන්ධව මනා අවබෝධයක් ඇතුව මහා පරිමාණයේ සහල් තොගයක් ආනයනය කිරීමට සූදානම් විය යුතු බවත් නැතිනම් වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවීම අනිවාර්ය බවත් වෙළෙඳ පොළ විශ්ලේෂකයන් වැඩිදුරටත්  පවසයි.

Previous articleරතු ලේබල් ඇතුළත් බහාලුම් 323 නිදහස් කිරීම ගැන කතා නැතුවම ජනපති අනුර ජාත්‍යන්තර රේගු දින සමරුව අමතයි
Next articleදේශපාලන සදාචාරයත් ඉවරයි : ජන්දෙන් පැරදුණු පාලිත ප්‍රනාන්දු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොක්කා කරලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here