Home අද දේශනයක් පවත්වමින් සිටියදී ඇද වැටී ආචාර්ය පොන්නතුරෙයි චන්ද්‍රනේෂන් මහතා මියයයි!

දේශනයක් පවත්වමින් සිටියදී ඇද වැටී ආචාර්ය පොන්නතුරෙයි චන්ද්‍රනේෂන් මහතා මියයයි!

30
0

කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය පොන්නතුරෙයි චන්ද්‍රනේෂන් මහතා යාපනයට පැමිණ යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ ගොවීන් සම්බන්ධ කරගෙන දේශනයක් පවත්වෙමින් සිටියදී එම ස්ථානයේම ඇද වැටී මිය යෑමේ කේදනීය පුවතක් යාපනයෙන් වාර්තාවේ.

දේශනය පවත්වමින් සිටියදී ඊයේ (25) ආචාර්යවරයා එකවරම බිම ඇද වැටී ඇති අතර ඒ මොහොතේදීම ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරු සනාථ කර තිබේ.

ආචාර්ය පොන්නතුරෙයි චන්ද්‍රනේෂන් මහතාගේ මෘත ශරීරය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

යාපනයේ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන පොන්නතුරෙයි මහතා ආරාධනාවකට අනුව මීට සති දෙකකට පෙර මෙරටට පැමිණ යාපනයේ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන්ගේ සංවිධායකත්වයෙන් දේශන කිහිපයක් පවත්වා තිබේ.

Previous articleලබාගත් බලය නැවත ආපසු නොදෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පවසයි!
Next articleකීර්ති තෙන්නකොන් රු. මිලියන 100 ක වන්දියක් ඉල්ලා ඇමති සමන්තට එන්තරාවාසියක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here