Home අද ලබාගත් බලය නැවත ආපසු නොදෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පවසයි!

ලබාගත් බලය නැවත ආපසු නොදෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පවසයි!

34
0

ආණ්ඩු බලය ලබාගැනීමට දැරුව වෙර මෙන් දහ පහළොස් ගුණයක වෙරක් දරා බලය ආරක්ෂා කර ගැනීමට සිදුව තිබෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.

අමාරුවෙන් ලබාගත් බලය නැවත ආපසු නොදෙන බව හෙතෙම අවධාරණය කළේය.

බෙලිඅත්ත ප්‍රදේශයේ ( 25 ) පැවති උත්සව සභාවකට එක්වෙමින් මේ බව සඳහන් කළ අරුණ ජයසේකර මහතා යෝෂිත රාජපක්ෂ (25) අත්අඩංගුවට ගන්නා බව ඊයේ රාත්‍රියේ දැන සිටි නමුත් අද වනතුරු තමන් එය එළියට දැමීමේ නැති බව සිහිපත් කළේය.

” යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තට පස්සේ දැන් කියයි එයා මදි තව එක්කෙනෙක් ගන්න කියලා. එහෙම ගන්න බැහැ හරියට පරීක්ෂණ කටයුතු සිදු කරලා ඕනේ ගන්න අපිට මර්වින් සිල්වා වගේ වෙන්න බැහැ.

අපි මේ බලය ගත්තේ ආයෙ දෙන්න නෙවෙයි අපිට මාස හයකින් මේක කරන්න බැරි වුණයි කියලා හිතමු
ඒත් අපි දෙන්නද…?මේක ආයේ දෙන්නේ නැහැ පුතේ..මේක හදලමයි අපි යන්නේ.

බලය ගන්න දරපු වෙර මෙන් දහ පහළොස් ගුණයක වෙරක් දරන්න වෙනවා බලය පවත්වා ගන්න. මේක අතහරින්න බැහැ කිසි විටෙකත් මේ බලය අතහරින්නේ නැහැ.

Previous articleයෝෂිතට මාංචු දාන්න එපා කියලා පොලිස් ඇමති CID යට කියලා – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් චෝදනාවක්
Next articleදේශනයක් පවත්වමින් සිටියදී ඇද වැටී ආචාර්ය පොන්නතුරෙයි චන්ද්‍රනේෂන් මහතා මියයයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here