Home අද අගමැතිනියගේ කීමට පිටින් එරංග පාසල් දරුවන්ට බඩු බෙදයි

අගමැතිනියගේ කීමට පිටින් එරංග පාසල් දරුවන්ට බඩු බෙදයි

351
0

ක්‍රීඩා සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පාසල් දරුවන්ට  බඩු බෙදාදෙන අවස්ථාවක ඡායාරූප ඔහු විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

පාසල්වල උත්සව වලට දේශපාලකයන් ගෙන්වීමෙන් වලකින ලෙස අධ්‍යාපන අමාත්‍යවරිය වන අගමැතිනිය විසින් සඳහන් කර තිබියදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් උපකරණ බෙදාදෙන  උත්සව අවස්ථාවකට ගොස් කතාවක් පැවැත්වීමටත් එහි දරුවන්ට පාසල් උපකරණ ලබාදීමටත් කටයුතු කර තිබේ.

No description available.

No description available.

 

ඔහු එම අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර ඇති සටහන පහතින් දැක්වේ.

No description available.

අධ්‍යාපනය කියන්නේ අත්තටු…..!!! එන්න අපි පියාඹමු…..!
—————————————————————————–
බර්ටෝල් බ්‍රෙෂ්ට් වතාවක් පාසලක දී කතාවක් කරනවා, එහි දී ඔහු කියනවා,

“නොඅසන්න දරුවනි, ඔබේ ගුරුවරයා කවුද? කොයිබින් ආ කෙනෙක් ද?
අසන්න දරුවනි, ඔහු උගන්වන්නේ මොනවා ද?

අසන්න දරුවනි, මම උගත් දෙයින් මට වැඩක් සිදු වුණි ද? අසන්න දරුවනි මා උගත් දැයින් වෙනසක් කළ හැකි ද?”
මා ඉදිරියේ අද සිටියේ ලෝකය වෙනස් කළ හැකි පුංචි දරුවෝ. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම අප මත පැවරී ඇති වගකීමක්. එම වගකීම අප සතුටින් භාරගන්නවා.

ඒ වෙනුවෙන් අප සැලසුම් කරනවා. ක්‍රමානුකූලව අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දැමීම අපි ප්‍රමුඛ කාර්‍යයක් ලෙස ඉටු කරනවා.

අපි ආසයි ඔබ ඉහළ අහසේ පියාඹනවා බලන්න….!

✍️ එරංග ගුණසේකර

නියෝජ්‍ය අමාත්‍යවරයා අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපන සුදුසුකම් සපුරන ලද අයෙකු බව සහ ඔහු විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාවක් පමණක් හදාරා තිබීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ කතිකාවක් සමාජය තුළ හටගෙන තිබුනා.

තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර උසස් පෙළවත් සමත් නෑ?- පාර්ලිමේන්තු වෙබ් අඩවිය

 

Previous articleඑජාප – සජබ පුළුල් පෙරමුණට දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන රැසක සහය!
Next articleහිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචනට ඇප !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here