Home අද හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචනට ඇප !

හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචනට ඇප !

23
0

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

පසුගියදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණ.

Previous articleඅගමැතිනියගේ කීමට පිටින් එරංග පාසල් දරුවන්ට බඩු බෙදයි
Next articleනිසි අවසරයකින් තොරව පොල්ගස් කැපුවහොත් මාස හයක සිර දඬුවමක් සහ ගසකට රුපියල් 5000 ක දඩයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here