ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් චෝදනා නඟයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
පොල් අපනයනය කිරීම ආණ්ඩුකාරවරයා මේ මොහොතේ අත්හිටුවහොත් පොල් හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ආනයනික බිත්තර ක්‍රියාවලියේ දෙවැනි ගැහිල්ල කියාද අසේල සම්පත් චෝදනා කළේය .
කෙසේ වුවත් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසා සිටියේ මෙරට ජනතාව ආහාරයට සම්බෝල සහ කිරිහොදි හැදීමට ගැනීම නිසා පොල් අපතේ යන බවයි. එසේම මේ වන විට රජය පොල් ආනයනය කිරීම සඳහා අවධානය යොමුකර ඇත