Home අද ඇමතිලාට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහලට : උපදේශකයනුත් වැඩි කරලා ! (මෙන්න සාක්ෂි...

ඇමතිලාට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහලට : උපදේශකයනුත් වැඩි කරලා ! (මෙන්න සාක්ෂි )

20
0

අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩල සඳහා පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් විසින් 2025 ජනවාරි 21 වනදා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර එහිදී මෙතෙක් අමාත්‍යවරුන් සඳහා ලබාදුන් ඉන්ධන ප්‍රමාණය මෙන්ම උපදේශකයන් ප්‍රමාණය ද ඉහල දමා තිබේ.

එහිදී ඉන්ධන ප්‍රමාණය තුනෙන් එකකින් ඉහල දමා ඇති අතර උපදේශකයන් ප්‍රමාණය දෙගුණයක් කර තිබේ.

ඒ අනුව මෙතෙක් බස්නාහිර පළාතේ අමාත්‍යවරයකුට ලබාදුන්නේ වාහනයක් සඳහා ඩීසල් ලීටර් 500 ක් සහ පෙට්‍රල් නම් ලීටර් 600 ක් වුවත් 21 නිකුත්කර ඇති ලේඛනය අනුව එම ප්‍රමාණය ඩිසල් හා පෙට්‍රල් දෙකම ලීටර් 900 දක්වා ලෙස වැඩි කර ඇත. එසේම අනෙක් පළාත් සඳහා නිකුත්කළ ඩීසල් ලීටර් 600 හා පෙට්‍රල් ලීටර් 750 ක් වූ ප්‍රමාණය ද පොදුවේ ලීටර් 900 ක් දක්වා වැඩි කර ඇත.

මෙච්චර කල් අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට ලැබුණු සියළුම වරප්‍රසාද, එනම් අමාත්‍යවරුන් විසින් ලබා නොගන්නවා යැයි කියූ සියළුම‌ දේ එමගින් අමාත්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ලබා දී ඇත.

තවද මෙයට පෙර එක් අමාත්‍යාංශයකට, එක් කැබිනට් අනුමැතියක් ලබාගැනීමෙන් පසුව එක් උපදේශකවරයෙකු පමණක් පත් කර ගත හැකි විය. නමුත් 21 ලේඛනයේ දැක්වෙන ආකාරයට එක අමාත්‍යාංශයක එක් විෂයයක් සඳහා උපදේශකවරු දෙදෙනා බැගින් පත් කර ගන්නට ඇමතිවරයාට අවස්ථාව සලසා දී තිබේ.

එයද කැබිනට් මණ්ඩල අනුමැතිය වෙනුවට, කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම්දීම පමණක් ලෙස දක්වා ඇති අතර මේ සියළු උපදේශකවරුන්ට වැටුප්, දීමනා, වාහන හා වෙනත් පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

මීට පෙර මේ සම්බන්ධව news hub විසින් “මාලිමාව ආණ්ඩුවේ ඇමති කාර්ය මණ්ඩල සැප : කලින් ආණ්ඩු දුන්නා වගේම දෙන තීන්දුවක් !” යන ශීර්ෂය යටතේ පළකල පුවත මඟින් අමාත්‍ය කාර්‍ය මණ්ඩලය සඳහා මෙතෙක් ලබාදුන් සියලු වරප්‍රසාද අඩුනොකර ලබාදී ඇති ආකාරය අනාවරණය කෙරිණි.

ජනාධිපති ලේකම් විසින් 2025 ජනවාරි 21 වනදා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යොමුකළ දැනුම්දීම පහත දැක්වෙන අතර ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පක්ෂය මෙතෙක් කල් අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට ලැබුණු සියළුම වරප්‍රසාද, එනම් තම පාලනයක් යටතේ අමාත්‍යවරුන් විසින් ලබා නොගන්නවා යැයි කියූ සියළුම‌ දේ එමගින් අමාත්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ලබා දී ඇති බව තහවුරු වෙයි.

PS-CSA-00-1-4-12_250122_200430

Previous articleයට ඇඳුමේ ඉඳලා අනුන්ගෙන් ඉල්ලන් ඇඳලා පුරුදු නෑ – අම්මවයි තාත්තවයි බලාගන්න අපිට පුළුවන් – නාමල් රාජපක්ෂ
Next articleආතතිගත පසුබිමක : ජනපති අනුර හා පොලිස් කොමිසම අතර මුහුණට මුහුණ හමුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here