ග්‍රාම සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේට් ආඥාවක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණ මිනිසුරුත් මහේන් ගොපල්ලව ඉදිරියේ කැඳවනු ලැබිණ.
එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ පෙත්සම තුළින් පෙත්සම්කාර පාර්ශ්වය අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වග උත්තරකරුවන් සියලු දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි.
ඒ අනුව මෙම මස 27 වන දාට පෙර සියලු වග උත්තරකරුවන්ට නොතීසි යවන ලෙස විනිසුරුවරයා පෙස්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල , පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණ විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් නම්කර තිබේ.
පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ආචාර්ය උපාලි පන්නිලගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කළ බවයි. එසේම ආචාර්ය පන්නිලගේව පාර්ලිමේන්තුවේ ජාතික ලෑස්ති මන්ත්‍රී ධූරය සඳහා පත්කරන විට ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි බවට තොරතුරු ඇති බවද එහි සඳහන් කර ඇත.
රජයේ සේවකයකු ලෙස කටයුතු කරමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට පත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සම මඟින් පෙන්වාදී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු පනත සහ අනෙකුත් ව්‍යවස්ථාපිත නීතීන් අනුව ආචාර්ය උපාලි පන්නිලගේ අමාත්‍යවරයා ට, පාර්ලිමේන්තුවට තේරී පත්වීමට , අසුන් ගැනීමට සහ ජන්දය දීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ. ඒ අනුව අමාත්‍යවරයා ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම සඳහා සුදුසු නොවන බවට කෝ වොරෙන්තෝ මැන්ඩා මූස් රීට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා තිබේ.