මෙරට තුළ සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා හා වංචා දූෂණවලට සම්බන්ධ ප්‍රබලයන් දස දෙනෙකුට එරෙහිව ඉදිරි දින දහය අවසන් වීමට පෙර නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව රජයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
නඩු පැවරීමට නියමිත ප්‍රබලයන් දස දෙනා අතර දේශපාලනඥයන් හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සිටින බව එම නිලධාරියා අනාවරණය කළේය.
නඩු පැවරීමට අදාළ ලිපි ගොණුව නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් සකස් කරමින් පවතින බවත් ඉදිරි දින කීපය තුළදී එම කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇති බවත් එම නිලධාරියා පැවසීය.
පැවති ආණ්ඩුව මෙම දූෂිතයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු නොකර ඒවා ප්‍රමාද කරමින් සිටි බවත් වත්මන් ආණ්ඩුව එම නඩු කටයුතු කඩිනම් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මෙම නඩු කටයුතු කඩිනම් කිරීමට ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය උත්සාහ කළ ද ඇතැම් නිලධාරීන් හිතාමතාම ඒවායේ කටයුතු ඉබි ගමනින් ඉදිරියට ගෙන යමින් සිටින බවට චෝදනා එල්ල වී ඇත