Home අද මින් ඉදිරියට ඇමරිකාව පිළිගන්නේ ගැහැණු සහ පිරිමි සමාජ භාවයන් පමණයි – ට්‍රම්ප්

මින් ඉදිරියට ඇමරිකාව පිළිගන්නේ ගැහැණු සහ පිරිමි සමාජ භාවයන් පමණයි – ට්‍රම්ප්

249
0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය ඇමරිකාව තුළ පිරිමි සහ ගැහැණු වශයෙන් ස්ත්‍රී පුරුෂ භාවය දෙකක් පමණක් හැඳින්වීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කටයුතු කරයි.

බලයට පත්වූ ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී සිය පළමු දිනයේ අත්සන් කරන විධායක නියෝගවල කොටසක් ලෙස මෙම පියවර ගනු ලැබීය.

ඇමරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සිය ධූරයේ දිවුරුම් දෙමින් මේ බව කියා සිටියා.

ඒ, එක්සත් ජනපදයේ කැපිටල් රොටුන්ඩාහිදී ය.

දිවුරුම් දීමේ උත්සවයේදී පළමුව, උප ජනාධිපතිවරයා වශයෙන් ජේ.ඩී. වාන්ස් දිවුරුම් දුන් අතර ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ එරට 50 වන උප ජනාධිපතිවරයා ලෙස ය.

සාම්ප්‍රදායානුකූලව එළි මහනේ පවත්වනු ලබන මෙම උත්සවය දැඩි දේශගුණික තත්ත්වය හේතුවෙන් ගෘහස්ථව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

මෙම අවස්ථාවකට දෙලක්ෂයකට අධික ආධාරකරුවන් පිරිසක් සභභාගී වූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ වෑන්ස්ගේ පවුල්වල සාමාජිකයින්, හිටපු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු උප ජනාධිපති කමලා හැරිස්, හිටපු ජනාධිපති බැරක් ඔබාමා, තුන්වන චාල්ස් රජු සහ ඊලෝන් මස්ක්, සහ මාර්ක් සකර්බර්ග්, විදෙස් රටවල රාජ්‍ය නායකයන් ද උත්සව අවස්ථාවට සහභාගී විය.

අනතුරුව ට්‍රම්ප් සිය මංගල දේශනය සිදූ කළේ ය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාවේ ස්වර්ණමය යුගය දැන් ඇරඹුණ බව ත් අද පටන් අපේ රට සශ්‍රීක වී ගෞරවයට පාත්‍ර වන බව ත් ය.

එමෙන් ම, අපගේ ප්‍රමුඛතාවය වනුයේ ආඩම්බර, සමෘද්ධිමත් සහ නිදහස් ජාතියක් නිර්මාණය කිරීම බව ඔහු පැවසීය.

ට්‍රම්ප් සඳහන් කළේ, අපගේ ස්වෛරීභාවය නැවත ලබා ගන්නා අතර අපගේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බව ත් යුක්තියේ තරාදිය නැවත සමතුලිත කරන බව ත් ය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ‘කුරිරු ප්‍රචණ්ඩකාරී සහ අසාධාරණ ආයුධකරණය’ අවසන් කරන බව ඔහු සඳහන් කළේ ය.

ට්‍රම්ප් තවදුරට ත් ප්‍රකාශ කළේ, තමා ‘විශ්වාසයෙන් හා ශුභවාදීව’ ජනාධිපති ධූරයට නැවත පැමිණි බව ත් එය ‘ජාතික සාර්ථකත්වයේ උද්යෝගීමත් නව යුගයක ආරම්භය’ බව ත් ය.

පළමු දිනයේදී ම ට්‍රම්ප් විසින් විධායක නියෝග 200 කට අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප් මීට පෙර 2017 සහ 2021 අතර කාලය තුළ එරට 45 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

Previous articleමන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහනයක් දෙන්නේ නෑ කියලා අපි කවදාවත් කියලා නෑ – ඇමති විජිත (VIDEO)
Next articleහිටපු ජනපතිවරුන්ගේ නඩත්තු වියදම් තක්සේරු කිරීමට යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here