Home අද ලෝක බලවතා අද දිවුරුම් දෙයි

ලෝක බලවතා අද දිවුරුම් දෙයි

14
0

අමෙරිකානු එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද(20) දිවුරුම් දීමට නියමිතව තිබේ.

සාමාන්‍යයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා දිවුරුම් දෙනු ලබන්නේ, වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වන විට වොෂින්ටන් අගනුවරට බලපා ඇති අධි ශීත කාලගුණය හේතුවෙන් දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ, රොටුන්ඩා ශලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ දිවුරුම්දීමේ උළෙලක් ගෘහස්ථව පැවැත්වුණේ, 1985 වසරේ දී වන අතර ඒ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ දිව්රුම් දීමයි.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ විශ්ෂඨ ජයක් හිමි කරගත් ඩොනල්ඩ් ට්‍රම්ප් අගවිනිසුරුවරයා ඉදිරියේ බයිබලයේ අත තබමින් දිව්රුම්දීමට නියමිත අතර ට්‍රම්ප්ගේ දිවුරුම් දීමෙන් අනතුරුව උප ජනාධිපති ලෙස ජේ. ඩී. වැන්ස් දිවුරුම් දිමට නියමිතයි.

ට්‍රම්ප් මීට පෙර 2017 වසරේ සිට 2021 වසර දක්වා ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති සැමරුමට පෙර වොෂින්ටන් ඩී. සී හී පැවති ජයග්‍රාහී රැලියකට එක් වූ ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින්, ජනාධිපති ධුරයේ පළමු දිනයේදීම විධායක නියෝග රැසක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous articleසුජීව සේනසිංහට ලබන 05 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග
Next articleපලස්තීන සිරකරුවන් 90 ක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 03 ක් නිදහස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here