Home අද ත්‍රිකුණාමලේ තියෙන තෙල් ටැංකි ලංකාවට වැඩියි – ඉන්දියාව එක්ක එකතුවෙලා ලෝකෙටම තෙල්...

ත්‍රිකුණාමලේ තියෙන තෙල් ටැංකි ලංකාවට වැඩියි – ඉන්දියාව එක්ක එකතුවෙලා ලෝකෙටම තෙල් දෙනවා – ජනපති

287
0

ලංකාවට තෙල් බෙදාහැරීම සඳහා ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංඛ්‍යාව වැඩි බවත් එහි තෙල් ටැංකි හැට එකක් ඉන්දියානු සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධව එක සමාගමක් යටතේ දියුණු කර තෙල් පිරිපහදුවක් එහි ඉදිකිරීම සම්බන්ධව මේ වන විට ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙම සාකච්ඡා ඉතා කෙටි කාලයකින් අවසන් කළ හැකි බවට විශ්වාසය පළ කරන ජනාධිපතිවරයා මෙලෙස තෙල් පිරිපහදුවක් ඉදිකිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොළට තෙල් බෙදා හැරෙන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගත හැකි බව පෙන්වා දුන්නේය.

කළුතර ප්‍රදේශයේ පැවැති උත්සව සභාවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් ක් තිබෙනවා එහි තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ආසන්න වශයෙන් ගබඩා කළ හැකියි

මෙම තෙල් ටැංකි දශක ගණනාවක් තිස්සේ දිරාපත් වෙමින් තිබෙනවා 1960 ‍බ්‍රිතාන්‍යය සමාගමකට අයිතිව තිබූ මෙම තෙල් ටැංකි සිරිමාවෝ බණ්ඩාරනායක කාලයේ පවුම් ලක්ෂ දෙකහමාරක් දී ආණ්ඩුවට ගත්තා දැන් ඒවා දිරාපත් වෙමින් තිබෙනවා

මෙම තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩියි. අපිට මෙතරම් ගබඩා ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ පළාතේ තෙල් බෙදාහැරීම සඳහා ටැංකි 24 ක් ප්‍රමාණවත් ඒ අනුව අපේ තෙල් සංස්ථාවට ඒ ටැංකි 24 ලබා ගැනීමට කටයුතු කළා එමෙන්ම IOC සමාගමටද තෙල් ටැංකි යම් ප්‍රමාණයක් ලබාදීමට අපි එකඟතාවය පළ කළා

දැන් අපට තෙල් ටැංකි හැට එකක් තිබෙනවා. ඒවායෙහි තෙල් මෙට්‍රික් ටොන් හය ලක්ෂ දසදහසක් ගබඩා කළ හැකියි

අපේ රටට එපමණ ගබඩා අවශ්‍ය නැති නිසා අපි ඉන්දියාවට යෝජනා කළා මෙරට තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගම සමඟ එකතු වී ඒකාබද්ධ සමාගමක් හදමු කියා ඉන්පසු එතන පිරිපහදුවක් හදමු කියා අපි යෝජනා කළා දැන් ඒ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යනවා

මේ අනුව මෙම තෙල් ටැංකි ප්‍රයෝජනයට ගෙන ලෝක වෙළඳපොළට තෙල් විකුණන කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කළ හැකියි මෙම ව්‍යාපෘතිය සම්බන්ධව දැනට පැවැත්වෙන සාකච්ඡා ඉතා කෙටි කාලයකින් අවසන් කර එහි ප්‍රතිඵල ලබාගත හැකියි “

Previous articleවිජිත් විජයමුණි අද අධිකරණයට
Next articleසුජීව සේනසිංහට ලබන 05 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here