තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර උසස් පෙළ විභාගය හෝ සමත් වී නොමැති බව පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කරනවා.
එහි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ 1996 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම සහ වෘත්තීය සුදුසුකම් ලෙස 1999 වර්ෂයේ විදුලි කාර්මික ඉංජිනේරු ශිල්පීය පුහුණුවේ ජාතික මට්ටමේ සහතික පත්‍ර විභාගය පමණක් වේ.
නියෝජය අමාත්‍ය එරංග ගුණසේකරගේ ජීව දත්ත තොරතුරු manthri.lk වෙබ් අඩවියද මෙලෙස සටහන් කර තිබේ
මහ මැතිවරණ සමයේ අදූෂිත නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති පාර්ලිමේන්තුව පිරිසිදු කර ඒ වෙනුවට උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යැවීමට ජනතාව කටයුතු කළ අතර ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්වූ ප්‍රධාන භූමිකාව ඉටුකරනු ලැබුවේ ජාතික ජන බලවේගයයි.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි