Home අද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවි සැරියට සමුදෙයි !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවි සැරියට සමුදෙයි !

5
0

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී ඇත.
කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි  ඔහු මිය යනවිට 76 වියේ පසුවිය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

වික්ටර් අයිවන් මෙරට මුද්‍රිත මාධ්‍යයේ නමක් තැබූ පුවත්පතක් වූ “රාවය” හි ආරම්භක ප්‍රධාන සංස්කාරකවරයාද විය.

ග්‍රන්ථ ගණනාවක කතුවරයෙක් වන ඔහු සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත්වීමක් සිදු කළ විචාරකයෙකුද විය.

Previous article20 වෙනිදා නැගෙනහිර සියලු පාසල් වහයි
Next articleවී සඳහා සහතික මිලක් දීමත් රජයට අභියෝගයක් වෙලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here