මාතර තංගල්ල ප්රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්රදේශයේදී අද (19) පෙරවරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 40 ට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාලකරුවන් 29 දෙනෙකු ගන්දර රෝහලටත් සෙසු පුද්ගලයන් මාතර රෝහලටත් ඇතුළත් කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාව වන විට බස්රථ දෙකෙහි මගීන් සියයකට අධික පිරිසක් සිට ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.