Home අද සොරකම් කළ රාජ්‍ය දේපොළ අත්පත් කර ගැනීමට නව පනතක්

සොරකම් කළ රාජ්‍ය දේපොළ අත්පත් කර ගැනීමට නව පනතක්

165
0

සොරකම් කළ රාජ්‍ය දේපොළ සහ වත්කම් නැවත අයකර ගැනීමට විශේෂ පනතක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

නව පනත නීතිපති දෙපාර්තමේන්තුව හරහා කෙටුම්පත් කිරීම මේ වන විට අවසන් කර ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

රාජ්‍ය දේපොළ සොරකම් කළ කිසිවෙකුටත් පැන යෑමට නොහැකි වන ආකාරයට නව පනත මගින් කටයුතු කර තිබෙන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව මගින් කෙටුම්පත් කර ඇති මෙම පනත “අපරාධයකින් උත්පාදිත දෑ පිළිබඳ පණත” මැයෙන් නම් කරකර ඇත.

රාජ්‍ය දේපොළ සොරා ගත් දේශපාලනඥයින් සහ අනෙකුත් පුද්ගලයන් මෙතෙක් නිදැල්ලේ හැසිරුණේ ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ප්‍රමාණවත් නීති නොතිබූ නිසා බව පෙන්වා දෙන එම ප්‍රකාශකයා නව පනත සකසා ඇත්තේ පැවති නීති සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසුව බව පැවසීය.

සොරා ගත් රාජ්‍ය දේපළ නැවත අත්පත් කර ගනිමින් සොරුන්ට නිසි දඬුවම් ලබා දෙන බවට ජාතික ජන බලවේගය පසුගිය මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවක් ඉටුකරමින් නව පනත ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබේ.

Previous articleවිදුලි බිල අඩු කරන්න මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අවශ්‍යයි – බලශක්ති අමාත්‍යාංශය!
Next article19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here