Home අද වී සහ සහල් සඳහා පාලන මිලක් සමඟ ගැසට් එකක් එනවා – වසන්ත

වී සහ සහල් සඳහා පාලන මිලක් සමඟ ගැසට් එකක් එනවා – වසන්ත

111
0

වී සහ සහල් සඳහා පාලන මිලකුත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දැනට රුපියල් 230-240 පමණ පවතින සහල් පාලන මිල ගොඩක් ඉහළ යා නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කරන අතර ඒ හා සමානව ගොවීන්ට වී සඳහා ද සාධාරණ සහතික මිලක් අවශ්‍ය බවද පවසයි.

කෙසේ වුවත් වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ පාලන මිලක් ඇති කිරීමෙන් භාණ්ඩ හිඟයක් ඇතිවන බවයි. පාලන මිල වෙනුවට ප්‍රමාණවත් පරිදි භාණ්ඩ සැපයීමේ අවකාශය සැළසීම වඩාත් ගැළපෙන ක්‍රමවේදය බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර කෘෂි විශේඥයන් පවසන්නේ ඉදිරියේදී නැගෙනහිර පළාත ප්‍රමුඛ ප්‍රදේශ කිහිපයක වී අස්වනු නෙළීම ආරම්භ වන බවත් එහිදී වී සඳහා ඉහල මිලක් නියම වූවොත් සහල් මිල තවත්  ඉහල යා හැකි අවධානමක් ඇති බවයි.

සහල් හිඟය සහ මිල ඉහල යාම පාලනය කිරීමට කියා රජය සහල් ආනයනය සඳහා අවස්ථාව සැළසූවද ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක බද්දක් පනවා ඇති බැවින් මිල සහනයක් ලැබීමේ අවස්ථාව ජනතාවට අහිමිව ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Previous articleජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 13 ක කිසිදු තොරතුරක් නැ!
Next articleපොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් චීන අගමැතිගෙන් පොරොන්දුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here