Home අද ඖෂධ සමාගම් වලින් වැටුප් ගන්න මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් නියෝජ්‍ය ඇමති CID යට...

ඖෂධ සමාගම් වලින් වැටුප් ගන්න මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් නියෝජ්‍ය ඇමති CID යට දෙයි

172
0

ඖෂධ සමාගම්වලින් වැටුප් ලබන ජනමාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා විසින් අපරාධ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්‍ෂණය දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මාධ්‍ය ආයතනවල සේවයේ නිරතව සිටින ඇතැම් මාධ්‍යවේදීන් ඖෂධ සමාගම්වල වුවමනා එපාකම් වලට අවශ්‍ය ආකාරයට තම මාධ්‍ය ආයතන ඔස්සේ ඔවුන්ට වාසි වන .ඔවුන්ගේ උවමනාවන් ඉටුවන ආකාරයට මාධ්‍ය මගින් ප්‍රචාරණ කටයුතු සිදුකරන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි.

ඇතැම් මාධ්‍යවේදීන් සිය මාධ්‍යය හැඳුනුම්පත භාවිතකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වටිනා තොරතුරු ලබාගෙන ඒවා ඒ මොහොතේම ඖෂධ සමාගම් වෙත ලබාදීමේ කටයුතුවල නිරතව සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව ද හංසක විජේමුණි මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු ඖෂධ මාෆියාවට අවශ්‍ය කරන ආකාරයට ලිපි සහ වෙනත් ක්‍රම ඔස්සේ මෙම මාධ්‍යවේදීන් ප්‍රචාරය කරමින් ඔවුන්ට වාසිදායක වන ආකාරයට කටයුතු කර තිබෙන බවත් ඒ තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පසුගිය කාලය තුළ ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරය බිඳ දමමින් කටයුතු කළ බවත් ඒ නිසා ඖෂධ මිල දෙසීය ගුණයකින් පහත දැමීමට හැකි වූ බවත් හංසක විජේමුණි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඖෂධ සමාගම්වලින් මාසික වැටුප් ලබන ඇතැම් මාධ්‍යවේදීන්ගේ වැඩිපුරම විවේචන වලට ලක්ව ඇත්තේ ස්වාධීනව තම රාජකාරිය සිදු කරන නිලධාරීන් බව පවසන ඒ මහතා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව පුළුල්ව සොයා බලා ඒ සියලු තොරතුරුු අපරාධධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙන බවද විජයමුුණි මහතා වැඩිදුරටත් පැවසීය.

Previous articleසුපිරි නළු සයිෆ් අලී ඛාන්ට තියුණු ප්‍රහාරයක්
Next articleමන්නාරම අධිකරණය භූමියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here