චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවිය.
එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබීය.
චීන මහජන ශාලාව වෙත අද පස්වරුවේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීන හමුදාවේ උත්තමාචාර මැද මහත් හරසරින් පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා හා හා චීන ජනපති ෂී ජින් පින් මහතා අතර හමුව සිදුවුයේ එහිදීය.
රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවය.
මෙහිදී අදහස් දැක් වූ චීන ජනපති
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට අප සූදානම් බවත් ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සක්‍රීයව සහාය දෙන අතර දෙරට එක්ව උසස් තත්ත්වයේ තීරය සහ මාර්ග (Belt and Road) සහයෝගීතාව මෙන්ම නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය සහ සමුද්‍ර ආර්ථිකය යන ක්ෂේත්රවල සහයෝගීතාවයේ නව ප්‍රමුඛතා වර්ධනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් මෙහිදී කියා සිටියා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ චීන ජනාධිපතිවරයා රටවල් අතර මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් පසුගිය වසර 68 තුළ ද්විපාර්ශ්වික සබඳතා සාර්ථකව සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගෙන ගිය බව පැවසීය.
උපායමාර්ගික දෘෂ්ටිකෝණයකින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ දැඩි අවබෝධයක් තිබිය යුතු අතර හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනඟා ගත යුතු බවද ඔහු පැවසීය.
එලෙසම ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට අප සූදානම්”.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
“චීනයේ ආර්ථික, කාර්මික සහ තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධන මෙන්ම මානව සංවර්ධනය අතින් අත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින්ම සතුටට පත්වෙනවා.”
“ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ඇතුළු සියලු ක්ෂේත්රවල එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.”
“චීනය දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් සහ ජනතාවගේ අන්‍යොන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තිමත් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” යැයි අදහස් දක්වමින් කියා සිටියා.
මෙහිදී ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ඇතුළත් ප්‍රදර්ශන ශාලාව නැරඹීමට එක්විය.
ඊට අමතරව චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිගා කෞතුකාගාරය නැරඹීමටද ගොස් ඇත.
මේ අතර මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස එක්වූහ.