Home අද ඊශ්‍රායල ප්‍රහාරවලින් ගෙවුණු පැය 24 තුළ ගාසා තීරයේ 63 ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගෙවුණු පැය 24 තුළ ගාසා තීරයේ 63 ක් මරුට

8
0

සටන් විරාම ගිවිසුමක් පිළිබඳ වැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක ඊශ්‍රායලය විසින් ගාසා තීරයට දරුණු ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මධ්‍යම ගාසා තීරයේ ඩීර් එල් බාලා ප්‍රදේශයේ නිවසකට ඊශ්‍රායලය ඊයේ(14) රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ගතවූ පැය 24 තුළ ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 63 දෙනෙකු මිය ගොස් 281 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හය දෙනෙකු මියගොස් තිබේ.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා වූ කටාර් හි පැවති සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ පවතින බවද සඳහන් වේ.

පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7වන දා සිට පලස්තීනුවන් 46,645 ක් ඝාතනයට ලක්ව ඇති අතර 110,012 ක් තුවාල ලබා සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleICC දෙසැම්බර් මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බූම්රා සහ ඇනබෙල්
Next articleනීතිය ඉදිරියේ ළමාහේවා නිර්දෝෂීයි – උපහාර පිදීමක් ගැන අධිකරණ ඇමති දැනුවත් නෑ – වටගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here