Home අද නියාමනයකින් තොරව වාහන ආනයනය කළොත් රට යළිත් දැවැන්ත අර්බුදයකට

නියාමනයකින් තොරව වාහන ආනයනය කළොත් රට යළිත් දැවැන්ත අර්බුදයකට

108
0

නියාමනයකින් තොරව වාහන ආනයනය කිරීමට කටයුතු කළොත් විදේශ සංචිත ප්‍රමාණය යළි කඩාවැටි රට දැවැන්ත අර්බුදයකට තල්ලුවීමට ඉඩ තිබෙන බවට ආර්ථික විශ්ලේෂිකයින් අනතුරු අඟවා සිටි.

පෙබරවාරි මාසේ සිට වාහන ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙන බව පෙන්වා දෙන ඔවුහු එය ඉතා කල්පනාකාරීව සිදු කළ යුතු කටයුත්තක් බව පවසති.

මෙරට භාණ්ඩ ගිණුමේ ශේෂය ධන අගයක පවත්වාගෙන යෑමට රජය කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ඔවුහු වසර පහක් පුරාවට අත්හිටුවා තිබූ වාහන ආනයනය නියාමනයකින් තොරව ආරම්භ කළොත් අර්බුද රැසක් නිර්මාණය විය හැකි බව පවසති

මේ වන විට ලංකාවේ පොලී අනුපාතිකය 2019-2020 කාල වකවානුවේ පැවති ආකාරයට ඉතා අඩු මට්ටමක පවතින බවත් එවැනි අවස්ථාවක රටේ වාහන අවශ්‍යතාවය තේරුම් නොගෙන ඕනෑම කෙනෙකුට වාහන ආනයනය කිරීමට අවසර ලබා දුන්නොත් නැවත විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව එම විශ්ලේෂකයන් ගේ මතය වී තිබේ.

“ආණ්ඩුවේ වත්මන් බදු ක්‍රමය සහ වැඩපිළිවෙළට අනුව ඕනෑම අයෙකුට ඕනෑම කණ්ඩායමකට වාහන ආනයනය කිරීමේ අවකාශය තිබෙනවා එහෙම වුනොත් ඔවුන් ණය ලබාගෙන වාහන ආනයනය කිරීමට පෙළඹිය හැකියි එවිට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටෙන් ගලායා හැකියි. ඒතුළින් ආනයන වියදම ඉහළයා හැකියි.මෙවැනි තත්ත්වයක් ලංකා ආර්ථිකයට සුබදායී වන්නේ නැහැ

හැකිතාක් ආනයන වියදම් අඩුකර අපනයනය වැඩි කරමින් භාණ්ඩ ගිණුමේ ශේෂය ධන මට්ටමක් කරා ගෙන යා යුතුයි. නමුත් අවාසනාවකට මෙන් මේ වන විටත් සෘණ ශේෂය තවත් වැඩිවෙන තත්ත්වයකට පත්ව තිබෙනවා එය තවදුරටත් වැඩි වුනොත් ඒ තුළින් විදේශ සංචිත පහළ යාමටත්, මධ්‍යම බැංකුව සතු සංචිත පහළ යෑමටත්, විනිමය අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යෑමටත් අපහසු වෙනවා මේ තත්ත්වය මත අප ඉතා සැලසුම් සහගතව ඉදිරියට යා යුතුයි. එහෙම නොවුනොත් නැවත රට අර්බුදයකට තල්ලු විය හැකි ” යැයි ආර්ථික විශ්ලේෂකයෝ තවදුරටත් පෙන්වා දෙති.

Previous articleතෛපොංගල් දිනය අදයි
Next articleවිපක්ෂේ ඉද්දි නිතරම LIVE ආවට දැන් අපි ආණ්ඩුවේ – කුඩා සිද්දි වලින් අපිව මනින්න එපා – මහින්ද ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here