මීට වසර 15 කට පෙර බන්ධනාගාර බස් රථයකින් අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී පලා ගියා උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆි නැමැත්තා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
2010 වසරේදී ධාවනය වෙමින් තිබූ බන්ධනාගාර බස් රථයක ඇතුළත තහඩු ඉවත් කර පලා ගොස් විදේශගතව සිට යළි මෙරටට පැමිණ පිළියන්දල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වසර 15 කට පසු මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කැස්බෑව මාකන්දන ප්‍රදේශයෙහි ග්‍රාමීය බැංකුවක් 2010 වසරේ අගෝස්තු 03 වැනිදා කොල්ලකෑමේ සිද්ධියකට ප්‍රධාන සැකකරු වූයේ උපේක චන්ද්‍රගුප්ත හෙවත්ත් ගඩාෆිය.
කොල්ලය සිදුවෙමින් පැවැති අවස්ථාවේ බැංකුවේ නලාව නාද වීමෙන් ගඩාෆි ඇතුළු තවත් කොල්ලකරුවෙක් එම ස්ථානයෙන් පලාගොස් සිටි අතර කොල්ලයට පැමිණි එක් සැකකරුවෙක් ඒ මොහොතේදීම අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත ගඩාෆි පිළියන්දල පොලිසිය විසින් 2010 දී අත්අඩංගුවට ගන්නේ අත් බෝම්බයක්, ගිනි අවියක්, උණ්ඩ තොගයක් ඇතුළු අපරාධවලට සම්බන්ධ යයි සැක කරන උපකරණ රැසක් සමගය.
2010 වසරේ පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගත් ගඩාෆි මැගසින් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයෙන් කැස්බෑව අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී බස්රථයේ ඇතුළත යකඩ තහඩු ඉතා සූක්ෂමව ගලවා ඉවත්කර ඉන් පලා ගොස් තිබිණි.
ඉන් පසුව සැකකරු වසර දහයක් විදේශගතව සිට ඇති අතර වීසා ප්‍රශ්නයක් මත අබුඩාබිහිදී මාස හයක් සිරගතව සිට 2021 මෙරටට පැමිණ රටේ විවිධ ප්‍රදේශවල සැඟව සිට ඇත.
ඒ අනුව පිළියන්දල මාම්පේ ප්‍රදේශයේ නිවසක සැකකරු සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත පිළියන්දල පොලිසිය වසර 15කට පසු ගඩාෆි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ගඩාෆි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.