Home අද ‘ක්‍ලීන් ශ්‍රී ලංකා’ සංකල්පයක් විතරයි – තවම එය මහපොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ...

‘ක්‍ලීන් ශ්‍රී ලංකා’ සංකල්පයක් විතරයි – තවම එය මහපොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ – චතුරංග

37
0

ක්‍ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ පවසනවා.

ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

නමුත් දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීම හෝ පරිසරය පිරිසිදු කිරීම ක්ලීන් ශ‍්‍රී ලංකා වැඩපිළිවෙල නොවන බවද ඔහු පවසනවා.

ජනතාවට සිදුවන සියලුම අකටයුත්තක්ම ක්ලීන් ශ්‍රී ලංකා ලෙසින් නම් කිරීම ඉතාමත්ම අසාධාරණ බවද පවසන ඒ මහතා ක්ලීන් ශ‍්‍රී ලංකා තවමත් මහපොළොවේ ක්‍රියාත්මක නොවන බවත් එය මේ මස අවසානය වන විට ක්‍රියාවට නංවන බවත් පවසන ඔහු බස් සහ ත්‍රීරෝද රථ කොටස් ගැලවීම යැයි සිතා පොලිසිය සිය කටයුතු තීව්‍ර කර තිබූ බව ද සඳහන් කලේය.

ජනතාව අපහසුතාවට පත් කිරීමට රජය කිසිදු නියෝගයක් ලබා දී නොමැති බවත් එය ඉදිරියට නිවැරදි වනු ඇති බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

Previous articleදෙවිනුවර වෙඩි තැබීමක්
Next articleබන්ධනාගාර බසයෙන් පලා ගිය ගඩාෆි වසර පහළවකට පසු අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here