Home අද පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දීමනා ගෙවා නෑ !

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දීමනා ගෙවා නෑ !

85
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන නිලධාරීන්ට වාර්ෂික හිමි නිවාඩු ලබානොගැනීම වෙනුවෙන් සිදුකරන ගෙවීම් 2024 වසරට අදාළව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි .

මෙතෙක් පාර්ලිමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන් සඳහා මෙවැනි ක්‍රමවේදයක් පැවති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් අනුමත කර ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබාගැනීම සිදුකෙරිණ .

වාර්තා වන ආකාරයට 2024 වසරට අදාළ මෙම ගෙවීම් ලබාගැනීම සඳහා ද නියමිත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කළ නමුත් ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැත.

මේ සම්බන්ධව ඇතැම් සේවක පිරිස් සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ එවනි ලේඛනයක් අමාත්‍ය මණ්ඩලය වෙත ලැබී නොමැති බවයි .

ඒ අනුව පාර්ලිමේන්තු සේවක පිරිස් මැසිවිලි නගන්නේ වගකිව යුතු සේවයක් මෙන්ම කිසි දිනක වෘත්තීය ඉල්ලීමක් නොමැතිව සේවය කරන තමන්ට බලවත් නොසළකා හැරීමක් සිදුකර ඇති බවයි .

Previous articleඉන්දියා – කන්කසන්තුරෙයි නැව් සේවාව යළිත් හෙට සිට – ගාස්තුව රු. 32,000 යි
Next articleනාමල් කුමාර අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here