දකුණු කොරියා විපක්ෂ මන්ත්‍රීවරුන් එරට වැඩබලන ජනාධිපතිවරයාට ද දෝෂාභියෝගයක් ගෙන ඒමට යෝජනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෙයොල් දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය හන් ඩුක් සෝ එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.
දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ප්රජාතන්ත්රවාදී පක්ෂය ව්‍යවස්ථා අධිකරණයට පත්කළ යුතු විනිසුරුවන් වෙනුවෙන් ලබාදුන් නාම යෝජනා වැඩබලන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔහුට විරුද්ධව ද දෝෂාභියෝගයක් ගෙන ඒමට යෝජනා වී ඇත.